ළමා හා නව යොවුන් පියවර

ළමා හා යොවුන් පියවර අංශයේ ගෙවුනු වසරේ පිය සටහන්

By Mahinda Namal · October 28, 2026
ළමා හා යොවුන් පියවර අංශයේ ගෙවුනු වසරේ පිය සටහන්

3.1 පියවර නව යොවුන් සමාජය

පියවර නව යොවුන් සමාජය වසර තුළ තම හමුවීම්වලට අමතරව පහත විශේෂ  වැඩසටහන් ක්‍රියාත්මක කළේය. ජූලි 4,5,6 වාර්ෂික පරිසර හා අනාවරණ වැඩ සටහන කෑගල්ල මාළිබොඩ ප්‍රදේශයේ කඳුකර වතු ප්‍රජාව ගැන අනාවරණය වැඩ සටහනක් හා පරිසර සංචාරයක් ඊට ඇතුලත් විය. ජනවාරි 15 තෛයිපොංගල් චාරිත්‍ර විධි ගැන අධ්‍යයනයක් සඳහා කළුතර කෝවිලට යාම. දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත්වූවන් සඳහා ආධාර එකතු කිරිමේ වැඩ සටහනක්ද සිදු කළා.

3.2 යෞවනයන් නඟන ප්‍රශ්න

යොවුන් වයසේ දරුවන්ට ඇති විවිධ ප්‍රශ්න ගැන මාසික කතිකාව  2025 අප්‍රියෙල් සිට අඛන්ඩව 2026 පෙබරවාරි මාසය දක්වා වැඩ සටහන් 10 ක් වසර තුළ පවත්වන ලදි. 

3.3 යෞවනයට ගී දෝතක්.

නව යෞවන යෞව්වනියන් සඳහා රසවින්දනාත්මක උපදේශන වැඩසටහන් 10 ක් වසර තුළ පාසල් හා දහම් පාසල් වල සිදු කරන ලදි.

3.4 ‘වෙනස අපි වෙමු’ නායකත්ව පුහුණු වැඩසටහන්

‘වෙනස අපි වෙමු.’ සැබැ විපර්යාකාරක නායකත්වයකට ආරම්භයක් නමින් පවත්වන පාසල් ළමුන් සඳහා වන නායකත්ව පුහුණු වැඩසටහන් හයක් වසර තුළ පවත්වන ලදි

3.5 අකුරට වඩා ජීවිතය සාපෙළ අත්වැල

‘අකුරට වඩා ජීවිතය-පුර්ණ වෑයම ජයග්‍රහනයයි’ යත තේමාව යටතේ පවත්වන සාමාන්‍ය පෙළ විභාගයට අත්වැලක් වැඩ සටහන් හතරක් පාසල්වල පැවැත් අතර පුස්තකාල පරිශ්‍රයේ ප්‍රදේශවාසින් සඳහා වන වැඩ සටහන ජූලි 22 පවත්වන ලදි.

3.6 උසස් පෙළ හඳුනා ගනිමු. 

උසස් පෙළ විෂය ධාරා තෝරා ගැනීම, අනාගත උසස් අධ්‍යාපන අවස්ථා පිළිබඳ මාර්ගෝපදේශන වැඩසටහනක් මාර්තු 22 පුස්තකාල පරිශ්‍රයේදි පවත්වන ලදි.

3.7 සෙනෙහසේ නවාතැන

නව යෞවන යව්වනියන් සඳහා මූලික උපදේශක ලබාගත හැකි අප සේවාව වසර පුරා ක්‍රියාත්මක විය.

 

 

0 Comments

Be the first to comment.

Leave a Comment