About පියවර

About පියවර

Our story, picture 1 of 10
1 / 10

පියවර සාමුහිකය

“ආලෝකමත් ජීවිතයක් සඳහා මානවයාගේත්, සොබාදහමේත් තිරසර පැවැත්ම උදෙසා ක්‍රියාකාරි වන ස්වේච්ඡා සාමාජිකත්වයකින් යුතු ලාභ අරමුණු කර නොගත් සංවිධානයකි”

ආදර්ශ පාඨය

ආලෝකමත් ජීවිතයක්.

දැක්ම

සාමාජිකයන්ගේත්, ප්‍රජාවගේත්, සොබාදහමේත් තිරසර සංවර්ධනය සඳහා වන ගමන් මඟේ සහෘද සඟයෙකු වීම.

මෙහෙවර

ආලෝකමත් පරිපූර්ණ ජීවිත සංවර්ධනයක් ඇති කර ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම මගින් පුද්ගල අධ්‍යාත්මිකත්වය ඉහළ නංවා සමාජ සංවර්ධනයට හා සොබාදහමේ තිරසර පැවැත්මට දායකවීම.

අරමුණු

  • සාමාජිකයන්ගේ හැකියාවන් හා අධ්‍යාත්මික අගයන් ඉහළ නැංවීම
  • ප්‍රජාව තුළ උසස් සංස්කෘතික ප්‍රමිතින් හා සමාජ සාරධර්ම පවත්වාගෙන යාමට දායකවීම
  • ප්‍රජාවට අයත් ළමුන් හා නව යෞවන යෞවනියන්ගේ ජීවිත සංවර්ධනයට දායක වීම
  • දියුණු සංස්කෘතික මිනිසෙක් බිහිවීමට අවශ්‍ය සාහිත්‍ය හා කලා මැදිහත් වීම් සිදු කිරීම
  • සාමාජිකයින්ගේ හා ප්‍රජාවේ විමුක්ති ප්‍රඥාව දල්වාලන සමාජ දේශපාලන සාක්ෂරතාව ඉහළ නැංවීම
  • සොබාදහමේ හා සමාජයේ විවිධත්වය අගය කිරීම හා ආරක්ෂා කිරීම
  • ජන සමාජය තුළ සහජීවනය ඉහළ නැංවීම

ක්‍රියාමාර්ග

  • අරමුණු ඉටුකර ගැනීම සඳහා සඟරා, පොත්පත් මුද්‍රණය කිරීම, බෙදා හැරීම
  • අධ්‍යාපනික වැඩ සටහන් දියත් කිරීම. සම්මන්ත්‍රණ, දේශන, වැඩමුළු සංවිධානය
  • තරඟ, ප්‍රදර්ශන, සංදර්ශන සංවිධානය
  • අරමුදල් රැස්කිරීම සඳහා අරමුණුවලට පටහැනි නොවන ක්‍රියාමාර්ග යොදා ගැනීම
  • සමිතියට අනුබද්ධව ළමා සමිති, නව යොවුන් සමිති ආදි විවිධ සංවිධාන පවත්වාගෙන යෑම
  • පුස්තකාල, කියවීම් ශාලා ආදිය පවත්වාගෙන යාම
  • ශිෂ්‍යත්ව ක්‍රම, දිරිගැන්වීම් ක්‍රම මගින් අරමුණු සාධනය සඳහා සාමාජිකයන්, ප්‍රජාව යොමු කිරීම
  • අරමුණු ඉටුකර ගැනීමට සුදුසු වෙනත් ක්‍රියාමාර්ග පවත්වාගෙන යාම
  • අපගේ අරමුණුවලට සමාන්තර දෙස් විදෙස් වෙනත් සංවිධාන සමඟ සහයෝගිතා වැඩ සටහන් ක්‍රියාත්මක කිරීම

සාර ධර්ම

  • ප්‍රජාතන්ත්‍රවාදි සංවිධාන ක්‍රමයක් තිබීම
  • සාමුහික නායකත්ව ශෛලයක් තිබීම
  • සාමුහික තුල අභ්‍යන්තර පාරදෘෂ්‍ය බවක් තිබීම
  • බැහැර සමාජයට විවෘත බවක් තිබීම
  • සමාජ විරෝධි අරමුණු හෝ ඊට පිටුබලය දෙන ක්‍රියාකාරිත්වයක් නොමැති වීම
  • සාමාජිකයින් අතර සම්බන්ධතා අන්‍යොන්‍ය ගරුත්වය, විශ්වාසය, මිත්‍රත්වය සහ සානුකම්පනය ආදිය මත ගොඩනැගීම