සොබා පියවර

සොබා පියවර අංශයේ ගෙවුනු වසරේ පිය සටහන්

By Mahinda Namal · October 28, 2026
සොබා පියවර අංශයේ ගෙවුනු වසරේ පිය සටහන්

4.1 පැළ දන්සල

 

 

සොබා පියවර විසින් හඳුන්වා දුන් ‘සයවිධ ගෙවත්ත’ සංකල්පය අනුව මෙවර ආර්ථික භෝගයක් ලෙස පොල් පැළ බෙදා හැරීම සිදු කරන ලදි. වැඩ සටහන සඳහා බොදුනු කිතුනු හා ඉස්ලාම් කාන්තා පැවිදිවරියන් තිදෙනෙකු සහභාගි විය. ජූනි 10 දින පැළ දන්සල පැවැත්වු අතර ඊට අනුබද්ධිතව ඔසු පැන් දන්සලක්ද පැවැත්වින.

4.2 කළුතර කළපු පරිසර පද්ධතිය සඳහා මැදිහත්වීම්

 

  • කලපු පරිසර පද්ධතිය විනාශවීම මගින් මූලික අයිතිවාසිකම් කඩවීම පිළිබඳ පෙත්සමක් ශ්‍රේෂ්ඨිධිකරණයේ ගොනු කරන ලද අතර එකි පළමු කැඳවීම මාර්තු 30 වනදා සිදු විය.
  • ජූනි මාසයේදි කලපුව පිලිබඳ විසදුම ජනගත කරන ලෙස ඉල්ලා අන්තර්ජාල උද්ඝෝෂණයක් කරන ලදි.
  • පාලම් දෙක අතර දූපතේ විනාශය ගැන ඡායාරූප වාර්තාවක් විනැණ ඡායාරූප ප්‍රදර්ශනයට එක් කරන ලදි.
  • ‘කලපු ප්‍රශ්නය ඉවරද’ ජනතාව දැනුම්වත් කරන හමුවක් මාර්තු 22 පවත්වන ලදි.
  • කළුතර කළපුවේ අතීත සුන්දරත්වය ගැන ඡායාරූප ප්‍රදර්ශනයක් ඔන්ලයින් පවත්වන ලදි. 

4.3 පරිසර දිනයන් පිලිබඳ දැනුම්වත් කිරීම.

ජාත්‍යන්තරව යෙදෙන පරිසරයට අයත් විවිධ දින ගැන අඛණ්ඩව දැනුම්වත් කිරීම් සිදු කළා. ලෝක තෙත් බිම් දිනය උදෙසා වීඩියෝවක් නිකුත් කළා.

0 Comments

Be the first to comment.

Leave a Comment